මාවනැල්ලේ ගින්නෙන් බර හානි

හදිසියේ හටගත් ගින්නකින් මාවනැල්ල නගරයේ වෙළඳසැල් කිහිපයක් විනාශ වී තිබේ.

අද පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පැවසුවේය.


මාවනැල්ල නගර සභා ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇත.


කෙසේවෙතත් ගින්නෙන් ප්ලාස්ටික්, පොත් අලෙවිසැල් සහ ආපන ශාලා ඇතුළු වෙළඳසැල් 17 ක් විනාශ වි ඇති බව පොලිසිය සඳහන් කළේය.


ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාවනැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.



Post a Comment