පාසල් බසය ලොරියේ හැපෙයි - ළමුන් 13ක් රෝහලේ

අකුරැස්ස - දෙණියාය මාර්ගයේ මාරඹ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් 13 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

දෙණියායේ සිට අකුරැස්ස දෙසට ධාවනය වු පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස්රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


එහිදී බස්රථයේ ගමන්ගත් පිරිමි ළමුන් 05 දෙනෙකු සහ ගැහැණු ළමුන් 08 දෙනෙකු කම්පන තත්ත්වය හේතුවෙන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.


අනතුර සම්බන්ධයෙන් පාසල් බස්රථයේ රියදුරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.



Post a Comment