සෙල්වාට ඇප!

වාරියපොළ දී තරුණියකට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෙල්වා හෙවත් රොබට්දාසගේ චන්ද්‍රදාස නැමති පුද්ගලයා අද (03) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර තිබේ.

සැකකරු වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කර ඇත.


වාරියපොළ බස්නැවතුම්පොළේදී තරුණියකට අසභ්‍ය වචන වලින් අපහාස කළ බවට සෙල්වාට චෝදනා එල්ල විය.


ඒ අනූව එම තරුණිය විසින් පොලිස් මූලස්ථානයට මෙන්ම වාරියපොළ පොලීසියට ද මේ ගැන ප්‍රකාශ ලබාදී ඇති අතර සැකකාර තරුණයා පසුගියදා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී රිමාන්ඩ් කෙරිණ.



Post a Comment