කමිටුව ඊයේ රැස්ව ඇත.
මෙම කාන්තාව ඕමානයේ දී ගැබ් ගෙන ඇයට ගබ්සාවක් කර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
අදාළ පැමිණිල්ලට අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
එම කමිටුව පසුගියදා ඕමානයේ සංචාරය කොට ඊට අදාළ සාක්ෂි ලබාගැනීම සිදුකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා හිටපු තානාපතිවරයාට ඊයේ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් හිටපු තානාපතිවරයා ඊයේ දිනයේ තුළ කමිටුව හමුවේ පෙනී නොසිටි බව වාර්තා වේ.
ඒ අනුව හෙට දිනයේ යළිත් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වු සාක්ෂි කඩිනමින් ලබාගෙන ඊට අදාළ වාර්තාව ලබාදෙන ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා උපදෙස් ලබාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
Post a Comment