මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යොදවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ඌව පළාත් සභා ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන පහ සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් 60 දෙනෙකු පමණ යෙදවීමට නියමිතය.
ලබන 20 වන දින පැවැත්වෙන ඌව පළාත් සභා ඡන්ද විමසීමේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5ක් ස්ථාපිත කර තිබේ.
අදාළ මධ්‍යස්ථානවල ආරක්ෂාවට අමතරව ඌව පළාත් සභා ඡන්ද විමසීම සිදුකෙරෙන ලබන 20 වන දින ආරක්ෂක කටයුතු සඳහා ද පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට නියමිතය.
විශේෂයෙන් එදින පොලිස් විශේෂ කාර්යය බලකායේ ජංගම සංචාරක රථ යෙදවීමට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
මේ අතර මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නාවරත්න මහතා හෙට දිනයේ මොණරාගල දිස්ත්‍රික්කයේ සංචාරය කිරිමට නියමිතය.
දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ බව පොලීසිය සඳහන් කළේය.
Post a Comment