13 ක්‍රියාත්මක කරනවා කියා ශ්‍රී ලංකාව සහතික වුණා

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකාව සහතික වී ඇති බව ඉන්දියාව පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නායකයින් අවස්ථා කිහිපයකදීම අදාළ සහතිකය ලබා දී ඇති බවයි.


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සයිඩ් අක්බර්දීන් නවදිල්ලීයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කර ඇති බව සඳහන්ය.


ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.


13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බව සයිඩ් අක්බර්දීන් පෙන්වා දී තිබේ.


කිසිවිටකත් එහි බලතල අඩුකිරීමට හෝ ඉවත් කිරීමට සහය ලබා නොදෙන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.



Post a Comment