ඇන්ඩෘ ජයමාන්නගේ දේහය දිවයිනට ගෙනඑයි

ප්‍රවීණ සිනමා වේදියෙකු, කැමරා ශීල්පියෙකු සහ කථිකාචාර්යවරයෙකු වු ඇන්ඩෘ ජයමාන්න මහතාගේ දේහය අද (05) පස්වරුවේ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඉතාලියේ මිලානෝ නුවර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇන්ඩෘ ජයමාන්න මහතා පසුගිය 28 වනදා අභාවප්‍රාප්ත විය.


පවුලේ ඥතීන් ප්‍රකාශ කළේ පස්වරු 2.30ට ඒ මහතාගේ දේහය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එන බවයි.


දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු හෙට උදෑසන ජාතික කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය.


පස්වරුවේ දේහය මීගමුවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යන අතර අනතුරුව පෙරියමුල්ල දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් පැවසීය.



Post a Comment