දැරියට වස පොවා මවත් බොයි - මව මැරෙයි - දැරිය රෝහලේ

සිය පස් හැවිරිදි දැරියට වසා පෙවූ 27 හැවිරිදි මවක් ද වස පානය කිරීමෙන් මියගොස් තිබේ.

වැලිකන්ද, ගිනි දමන මහවැලි නිල නිවාසයක වාසය කළ අදාළ කාන්තාව ඊයේ පස්වරුවේ සිය දැරියට වස පොවා ඇති බව වාර්තා වෙයි.


වස පානය කළ දෙදෙනා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමේ දී කාන්තාව මියගොස් ඇත.


දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය පැවසීය.



Post a Comment