මේජර් ජානක ඝාතනයට සම්මුගනාදන් සුදාහරන් වසර 20ක් බරපතළ වැඩඇතිව හිරේ!

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ඝාතන සිද්ධියට වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වූ සම්මුගනාදන් සුදාහරන් නැමැත්තාට වසර විස්සක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කර තිබේ.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විසින් මෙම නියෝගය අද (05) ලබාදී ඇත.


මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.


අදාළ නඩුව පසුගිය 22දා අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කර්නල්වරයෙක් වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකරු මෙලෙස වරද පිළිගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.


ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කිරීම ලබන අද (05) වැනිදා සිදුකරන බව මහාධිකරණ විනිසුරුවරයා එදින දැනුම් දුන්නේය.


ඒ වනතුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.


2008 වසරේ අනුරාධපුරයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.



Post a Comment