අධිවේගී බසයේ පා පැදියක් හැපෙයි - පා පැදිකරු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා දෙවට අතර යක්ගහ ප්‍රදේශයේදී මහරගම සිට ගාල්ල බලා ධාවනය වූ බසයක ගැටීමෙන් පා පැදිකරුවෙකු මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ පා පැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


අද පෙරවරු 10ත් 10.30ත් අතර මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 60ක පමණ වැඩිහිටියෙකු බව අප වාර්තාකරු කියයි.


ලංගම බසය උඩුගම ඩිපෝවට අයත් එකකි.



Post a Comment