බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී 21 හැවිරිදි තරුණියක් මුහුදට පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අද පෙරවරුවේ මුහුදට පැන සියදිවිහානි කරගැනීමට උත්සාහ කළ තරුණිය ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අදාළ තරුණිය ගොතටුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
නිවසේ ඇති වූ ආරවුලක් නිසා ඇය සියදිවි නසා ගැනිමට උත්සාහ කර ඇති බව බම්බලපිටිය පොලිසිය සඳහන් කළේය.
Post a Comment