සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සමේ දක්වා ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට පමණක් අදාළ දීමනාව ලබාදීමෙන් සෙසු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස එමගින් නම් කර ඇත.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් නියං ආධාර ලෙස මොණරාගල දිස්ත්‍රීක්කයේ ජනතාවට රුපියල් 2500 බැගින් ලබාදීමට පසුගියදා ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් ඌව මැතිවරණ නීති කඩකිරීමක් ලෙස පෙන්වාදෙමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් අත්හිටුවන ලදී.
කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයාගේ තීරණයෙන් අසාධාරණයක් වී ඇතැයි කියමින් ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් පසු එම රුපියල් 2500 දීමනාව දේශපාලන බලපෑම්වලින් තොරව ලබාදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.
ඒ අනූව එම නියං සහනාධාරය මොණරාගලට පමණක් නොව නියඟයෙන් පීඩාවට පත් සෙසු ප්‍රදේශවලට ද ලබාදෙන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද මෙම පෙත්සම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් ගොණු කර තිබේ.
පැෆ්රල් සංවිධානය ද මෙම නියං සහනාධාරය ගැන අදහස් දක්වමින් පවසා තිබුණේ මොණරාගලට නියං සහනාධාර ලබාදෙන්නේ නම් සෙසු දිස්ත්‍රීක්කවලට ද එම සහනාධාරය ලබාදිය යුතු බවයි.
Post a Comment