නඩු වාර්තා හා භාණ්ඩ නෑ - ජෙයරාජ් ඝාතන නඩුව නොවැ. 13ට කල්යයි

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය අද (15) ගම්පහ මහාධිකරණයේ දී කැඳවනු ලැබීය.

අදාළ මුල් නඩු වාර්තාව සහ නඩු භාණ්ඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන ගම්පහ මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මීට පෙර නියෝග කර තිබුණි.


එහෙත් අද දිනයේ එම නඩු වාර්තා සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩු විභාගය නොවැම්බර් මස 13 වැනි දින දක්වා කල් තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


සිද්ධියට සම්බන්ධ පළමු සහ දෙවන විත්තිකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට පත් කර ඇති අතර සෙසු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Post a Comment