මහපරිමාණ වැට් බදු වංචාව - ගුණසිරිගේ සහචරයින්ටත් සිරඳඩුවම්

රුපියල් කෝටි 399ක මහපරිමාණ වැට්බදු වංචාවට සම්බන්ධ විත්තිකරුවන් 8 දෙනෙකුට අවුරුදු 20 බැගින් අද (26) කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.

මෙම විත්තිකරුවන් 8 දෙනා අධිකරණය මගහැර විදේශගතව සිටින බව කියැවේ.


ඔවුන් නොමැතිව මෙම නඩුව විභාගයට ගැනිණ.


කෙසේ වුවද මහාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය එම විත්තිකරුවන් 8 දෙනා දඩ වශයෙන් බිලියන 30ක් ගෙවිය යුතු බවට‍ ද නියෝග කර ඇත.


ඔවුන්ගේ දේපළ සම්බන්ධ‍ෙයන් වාර්තාවක් ලබාදෙන ලෙසට රහස් පොලීසියට හා නීතිපතිවරයාට ද නියෝග කර ඇති විනිසුරුවරිය එකී දේපළ රාජසන්තක කිරීමට පියවර ගන්නා බවද දැනුම්දී ඇතැයි අප වාර්තාකරු කීවේය.


දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 399ක වැට් බදු වංචා කිරීමේ නඩුවේ වරද පිළිගත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වු ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට පසුගිය මැයි මස 08දා රුපියල් කෝටි 1198ක දඩයක් නියම කෙරිණ.


එසේම ඔහුට එරෙහි චෝදනා 34ට අදාළව පැනවූ අවුරුදු 102ක සිරදඬුවමක් අවුරුදු 3කින් ගෙවීයන බවද එදින තීන්දුව මගින් කියැවිණ.



Post a Comment