ගිනි අවියක් රැගෙන උසාවි ගිය කෙනාට ඇප

ගිනි අවියක් අතැතිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළු වීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයා ඇප මත මුදා හැර තිබේ.

සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


ඔහු රුපියල් 5000ක මුදල් ඇපයක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


එමෙන්ම ඔහුගේ ගිනි අවියට තිබු බව කියන බලපත්‍රය අවලංගු කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.


සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 05 වනදා යළි කැඳවීමට නියමිතය.



Post a Comment