කටුගස්තොට නීති වීරෝධි දැව ගබඩාවක් වටලයි

කටුගස්තොට - හල්ඔළුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී දැව ගබඩාවක් යටිනුවර අඩවි වන නිලධාරීන් සහ පොලිසිය එක්ව වටලා තිබේ.

මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්ය.


වැටලීමේ දී හල්ඔළුව ප්‍රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ වෙළඳසැලක් පරීක්ෂාවට ලක් කර අති අතර එම වෙළඳසැලේ පහත මාලයේ රහසිගත ගබඩාවක තිබී වටිනා දැව තොගයක් පොලිසිය භාරයට ගෙන ඇත.


කොස්, මහෝගනී, කුඩුදවුලා, තේක්ක, කැට කෑල ඇතුළු රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමකින් යුත් ඉරණ ලද දැව තොගයක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්ය.


සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.



Post a Comment