ලොරි දෙකේ මී හරක් 20යි - 5 දෙනෙක් මාට්ටු

නීති විරෝධිව හිංසාකාරි අයුරින් මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් 05දෙනෙකු අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ ධාවනය වු ලොරි රථ දෙකක් පරීක්ෂා කිරිමේ දි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.


පොලිස් භාරයට ගත් ලොරි රථ වල මී ගවයින් 20 දෙනෙකු සිටි බව පොලිසිය සඳහන් කළේය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අක්කරෙයිපත්තුව ගලෙන්බිදුණු වැව සහ එරාවුර් යන ප්‍ර දේශ වල පදංචිකරුවන් බව වාර්තා වේ.


ඔවුන් අද අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



Post a Comment