ගංජා ජාවාරමට නොදරුවාත් පැටලේ

තණමල්විල සිට අනුරාධපුර ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට අනුරාධපුර කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් වී තිබේ.

අනුරාධපුර කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරුකට අනුව ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කුඩා දැරියක්, කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල සූරියආර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්, 28 හැවිරිදි පුද්ගලයෙකු සහ 03 හැවිරිදි කුඩා දැරියක බව පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබි ගංජා කිලෝ ග්‍රෑම් 03 කට අසන්න ප්‍රමාණයක් පොලිසිය බ‍ාරයට ගෙන ඇති අතර එම ගංජා තොගයේ වටිනාකම රුපියල් 80,000ක් පමණ වන බවට ගණන් බලා තිබේ.



Post a Comment