ඔක්. 1දා නොමිලේ සත්තුවත්ත බලන්න පුළුවන්

ඔක්තෝම්බර් 01 වෙනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහ පින්නවල අලි අනාථාගාරයේ දී විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

වයස අවුරුදු 12 න් පහළ කුඩා දරුවන් සහ වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා මෙම වැඩසටහන් සංවිධානය කර ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


එදින දවස පුරාවට අදාළ වයස් සීමාවන් හි පසුවන්නන් සඳහා සත්වෝද්‍යානයට නොමිලේ ඇතුළුවීමේ අවස්ථාව ලබා දී ඇති බව සඳහන්ය.



Post a Comment