දඹුල්ල - කුරුණෑගල පාරේ කොටසක් වහයි - උඩරට දුම්රිය ගමන් යළි ඇරඹේ

උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ කොටසක් ලබන 5 වැනිදා සිට 9 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට සිදුවන බව පොලීසිය පවසයි.

ඒ අනූව මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගයේ අසළින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට නියමිතය.


අදාළ කාලය තුළ විටින් එම මාර්ගය වසා තැබෙන අතරම ලබන 07 වනදා සහ 08 වනදා පෙරවරු 09.00 සිට පස්වරු 01.30 දක්වා එම මාර්ගය සම්පුර්ණයෙන් වසා තැබෙනු ඇත.


ඒ අනුව අදාළ මාර්ගයේ ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


සැහැල්ලු වාහන සඳහා කන්දේවත්ත දුම්රිය හරස් මාර්ගය භාවිත කරන ලෙසත් බර වාහන සඳහා කුරුණෑගල, මුත්තෙට්ටුගල, වැල්ලව, බුදනාපිටිය හරහා දඹුල්ල මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.


මේ අතර පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබේ.


අද පස්වරුවේ 2.05ට පමණ එය යළි යථා තත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.


කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය අද උදෑසන 10.30ට පමණ ගලබඩ හා ඉඟුරුඔය අතරදී පීලිපැනීමට ලක්විය.


මේ නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රිය නාවලපිටිය දුම්රිය දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය හැටන් දක්වාත් ධාවනය කර එම දුම්රිය මගීන් ලංගම බස් රථ මඟින් දුම්රිය ස්ථාන දෙකට මාරුකරන ලදී.



Post a Comment