වීදි ලාම්පුවකට 3500 බැගින් ගසාකාලා

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ එකී ප්‍රා. නිලධාරීන්ට නොදන්වා නීති විරෝධී ලෙස මුදල් ගෙන වීදි ලාම්පු සවි කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් එක් වීදි ලාම්පුවක් සවි කිරීම සඳහා රු.3500 ක මුදලක් ලබාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මකවූ පොලීසිය සැකකරු වීදි ලාම්පු සවිකරමින් සිටියදීම අත්අඩංගුවට ගෙන තිබේ.


මේ පිළිබඳ කළ විමසුමකදී සභාපතිවරයා කියා සිටියේ ප්‍රාෙද්ශීය සභාව විසින් අවශ්‍යතාව පරිදි මුදල් අය නොකොට මෙම වීදි ලාම්පු සවිකරන බැවින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතුව ඇති බවයි.



Post a Comment