විශ්‍රාමික සෙබළා එල්ලී මැරෙයි

වරකාපොළ - තෝලන්ගමුව විහාරස්ථානය අසළ පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

පවුල් ආරවුලක් දුර දිගයාම හේතුවෙන් ඔහු මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බවට පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.


මියගොස් ඇත්තේ 50 හැවිරිදි තෝලන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකි.


වරකාපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



Post a Comment