මාළු නිසා ඇන කොටා ගනියි

කැකිරාව, මානෑව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මානෑව වැව් බැම්ම අසළ දී මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.


පහර කෑමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා සේනපුර රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


අදාළ පුද්ගලයින් දෙදෙනා එම ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු වන අතර මත්ස්‍යයින් ඇල්ලීම සම්බන්ධයෙන් හටගත් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බව සඳහන්ය.


මියගොස් ඇත්තේ 44 හැවිරිදි ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කැකිරාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment