දෙමටගොඩින් විසිලක්ෂයක දුම්වැටි අල්ලයි

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමින් යුතු විදේශිය දුම්වැටි තොගයක් දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදි සොයා ගෙන තිබේ.

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී එම දුම්වැටි තොගය සොයා ගෙන ඇත.


එහිදි එක් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් වලාන දූෂණ මර්ධන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment