පකිස්ථානු සරණාගතයින් පිටුවහල් කරන්න අවසරයි!

නීති විරෝධී ලෙස මෙලෙස රැඳී සිටින පකිස්ථානු ජාතිකයින් පිටුවහල් කිරීම සඳහා පනවා තිබු වාරණ නියෝගය අභියාචනාධිකරණය විසින් අද (01) ඉවත් කර තිබේ.

පකිස්ථානු සරණාගතයින් පිරිසක් විසින් තමන් පිටුවහල් කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනය පිළිබඳ තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි.


තමන් නැවත පකිස්ථානයට පිටුවහල් කළහොත් ජිවිත වලට තර්ජන එල්ල වන බව පවසමින් එසේ කිරීම වළක්වන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේය.


ඊට විරෝධතා ඉදිරිපත් කළ නීතිපතිවරයා දන්වා සිටියේ වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයින් පිටුවහල් කිරීමට රජයට අයිතියක් ඇති බවයි.


එමෙන්ම අදාළ පිරිස් රැඳී සිටීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර ඔවුන් විවිධ අපරාධ වලට සම්බන්ධ බවට සාක්ෂී ලැබී ඇති බව ද නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.


කරුණු සලකා බැලු අධිකරණය අදාළ වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් පකිස්ථානු සරණාගතයින් මෙරටින් පිටුවහල් කිරීමට බාධාවක් නොවනු ඇත.



Post a Comment