බන්ධනාගාර නියාමකවරුන්ගේ මළ සිරුරු හමුවෙලා

අනුරාධපුර, තිසාවැවේ ගිළීමෙන් අතුරුදහන්වූ බන්ධනාගාර නි‍යාමකවරුන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබේ.

අනුරපුර බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු ඊයේ (15) දහවල් තිසා වැවේ දියනෑමට ගොස් ඇති අතර එහිදී බීමතින් ඔරු පැදීමට ගොස් ඇතැයි සඳහන්ය.


කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔරුව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවත්,එයින් එක් අයෙකු දිවිබේරා‍ ගෙන ඇති අතර අනෙක් දෙදෙනා දියේ ගිළි අතුරුදන්ව ඇති බවත් වාර්තා විය.


එසේ අතුරුදහන්වූ දෙදෙනාගේ මළ සිරුරු මේවන විට හමුවී ඇති බව පොලීසිය පවසයි.



Post a Comment