ලක්ෂ 70 ක් පන්නන්න ගිහින් මාට්ටු

ලක්ෂ 70 ට අධික විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස රටින් ගෙනයාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපළ රේගු බලධාරීන් විසින් රඳවාගෙන තිබේ.

අද (16) අලුයම 1.45 ට පමණ මෙම සැකකරු රඳවාගත් බවත්,ඔහුගෙන් මේවන විට ප්‍රශ්න කරමින් සිටින බවත් ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.


මීගමවු ප්‍රදේශයේ පදිංචි සැකකරු යූ.එල් 306 දරණ ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව සිටි බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.



Post a Comment