කොටහේනෙන් ලක්ෂ 7ක දුම්වැටි අල්ලයි

නීති විරෝධි අයුරින් දුම්වැටි තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොටහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටහේන පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


තීරු බඳු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ 07 ක් පමණ වටිනා දුම්වැටි 24,800 ක් එහිදී පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.


සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.



Post a Comment