එල්.ටී.ටී.ඊ. තහනමට එරෙහි වන්න වයිකෝට අවස්ථාවක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොණුකිරීමට ඉන්දීය එම්.ඩී.එම්. කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝට අවස්ථාව ලබා දී තිබේ.

දිල්ලි මහාධිකරණයේ ස්ථාපිත කළ විශේෂ විනිශ්චය සභාවක් ඉදිරියේ ඔහුට සිය විරෝධතා ගොණු කිරීමට ඉඩ ලබා දි ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


නීති විරෝධි ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබු තහනම තවත් වසර 05 කින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම රජය තිරණය කළේය.


ඉන්දීය මධ්‍යම රජය ගත් අදාළ තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධතා ගොණු කිරීමෙන් පසු ඒ පිළිබඳ සළකා බැලීමට අධිකරණය තීරණය කර ඇත.


එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොණු කිරීම සඳහා ලබන 26 සහ 27 යන දෙදින තුළ ද අවස්ථාව සලසා දීමට තිරණය කර ඇති බව සඳහන්ය.



Post a Comment