ඌවේ ඡන්ද නීති කැඩු 51ක් දැලේ

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.


මේ වන විට ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 65ක් ලැබී ඇති බව පොලීසිය පැවසුවේය.


ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නීති විරෝධී ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් බව පොලීසිය සඳහන් කළේය.


මේ අතර ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 223ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේය.


ඔවුන් සඳහන් කළේ ඉන් පැමිණිලි 141ක්ම ලැබි ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් බවයි.


බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 68ක් ලැබි ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.



Post a Comment