එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් - සහකාර නායක රවී - හරීන්ටත් තනතුරක්

එ.ජා.ප. නියෝජ්‍ය නායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ.

අද(23) පස්වරුවේ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වු අවස්ථාවේදී අදාළ ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට තීරණය වී ඇති අතර පක්ෂයේ සහකාර නායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.


එසේම එ.ජා.ප. නව භාණ්ඩාගාර තනතුර සඳහා එරාන් වික්‍රමරත්න, නව නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් තේරී පත්වී ඇත.


තවද යොවුන් පෙරමුණේ සභාපතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතාද තේරී පත්වී ඇති බව සඳහන් වෙයි.



Post a Comment