ඕ.අයි.සී දොට්ට දැමූ පොලිස් සහයකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිසරණ

වැඩ තහනමට ලක්කර තිබු දොඩංගොඩ පොලිස් ස්ථානයේ පොලිස් සහායකවරයෙකු යළි සේවයේ පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

ජී.ඩී. මංජුල නැමැති පොලිස් සහයකවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කර තිබු පෙත්සමක් විභාග කළ අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


පෙත්සම්කාර පොලිස් සහායකවරයා කියා සිටියේ දොඩංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තමාට අසත්‍ය චෝදනා එල්ල කර තම සේවය අත්හිටුවීමට කටයුතු කළ බවයි.


මේ හේතුවෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බව ඔහු අධිකරණය හමුවේ සඳහන් කර තිබිණ.


කරුණු සැලකිල්ලට ගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මඩුල්ල මෙය අසාධාරණ ක්‍රියාවක් බව නිගමනය කළ බව අද දෙරණ අදිකරණ වාර්තාකරු සඳහන් කළේය.


ඒ අනුව හෙට දින සිට පොලිස් සහායකවරයාට යළි සේවය ලබා දීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.



Post a Comment