ඉන්දීය ධීවරයින් 36ක් යළිත් රිමාන්ඩ්

තලෙයිමන්නාරම මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධාගාරගතව සිටි ඉන්දීය ධිවරයින් 36 දෙනෙකු යළිත් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය අද(24) නියෝග කර තිබේ.

මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්.මිරැන්ඩා මහතා පැවසුවේ පසුගිය සැප්තැම්බර් 09 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 06 දෙනෙකු හා සැප්තැමිබර් 11 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 30 දෙනෙකු එලෙස බන්ධනාගාර ගත කිරීමට මන්නාරම අධිකරණය නියෝග ලබාදුන් බවයි.


අදාළ ධීවරයින් තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හරහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.


(ඉන්දීය ධීවරයින් මන්නාරම අධිකරණය වෙත රැගෙන ආ අයුරු)


ඡායා රූ - මාධව කුලසූරිය



Post a Comment