හැටන් බඹර ප‍්‍රහාරයක් - 10ක් රෝහලේ

හැටන්, කොටගල, හැරින්ටන් ප‍්‍රදේශයේදී බඹර ප‍්‍රහාරයකට ලක්වී පාසල් ළමුන් 5 ක් හා වතු කම්කරුවන් 5 දෙනෙකු කොටගල රෝහලට ඇතුළත් කර තිබේ.

අද (04) පස්වරු 3 ට පමණ මෙම බඹර ප‍්‍රහාරය එල්ලවී ඇති බව දිඹුල පොලීසිය පවසයි.


විශාල ගසක් මත තිබූ බඹර කූඩුවක් එක්වරම ඇවිස්සී පාසැල් හැරයමින් සිටි ළමුන්ට හා ඒ අසළ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්ට පහරදුන් බව තුවාල ලැබූ පාසැල් සිසුන් කියයි.


රෝහලට ඇතුළත් කළ අයගෙන් එක් පාසැල් ශිෂ්‍යාවක් සහ වතු කම්කරුවන් තිදෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා පිටවගොස් ඇත.


අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුල පොලීසිය පවසන්නේ දුම්ගසා එම බඹර කූඩුව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.



Post a Comment