ඉන්දීය ධීවරයින් 9ක් මාට්ටු

යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 09 දෙනෙකු අද(02) අළුයම උතුරු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බැව් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ නඩරාජා ගනේෂමූර්ති මහතා පවසයි.

දකුණු ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත‍්‍රා දෙකකින් පැමිණ උතුරු මුහුදු සීමාවේවි අනවසරයෙන් මසුන් ඇල්ලූ ධිවරයින් පිරිසක් එලෙස අත්අඩංගුවට පත්ව ඇත.


අත්අඩංගුවට ගත් ධිවරයින් අද(02) කයිටිස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව්ද යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් කියයි.



Post a Comment