ගෙවල් බිඳින තරුණයෝ 5ක් කටුනායකදී මාට්ටු

ගිනි අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් 05 දෙනෙකු කටුනායක කුරන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලිමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ උල් ආයුධ තුනක් පොලිස් බාරයට ගෙන තිබේ.


මීට අමතරව සැකකරුවන් විසින් කොල්ලකන ලද රත්‍රං සහ පිත්තල භාණ්ඩ තොගයක් ද වාහන බැටරි 22ක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.


සැකකරුවන් අවුරුදු 24 සහ 28 වයස් වල පසුවන්නන් වන අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment