නාත්තණ්ඩියේ ගැටුමක් - 2ක් රෝහලේ

නාත්තණ්ඩිය, සතිපොළ ආසන්නයේ සිදුවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ අද(14) දහවල් මෙම ගැටුම සිදුවී ඇති බවයි.


තියුණු ආයුධ සහිතව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම පහරදීම සිදුකර පළාගොස් තිබේ.


තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.



Post a Comment