විමල්ගෙන් බුද්ධදාස කෝටි 5ක් ඉල්ලයි

කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතාට එරෙහිව අද (04) කොළඹ දිසා අධිකරණයේ පෙත්සමක් ගොණු කර තිබේ.

තම කීර්ති නාමයට හානිකිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 50 ක වන්දියක් ලබාදෙන ලෙස කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇත.


ජාතික නිදහස් පෙරමුණේ පංචායුධය නමැති පුවත්පතින් සිය කීර්තිනාමයට හානිකර ඇති බව ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.


එමෙන්ම අදාළ පුවත්පත ජාතික නිදහස් පෙරමුණේ සමුළුව පැවති පසුගිය 05 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී ජනතාව අතට පත්කර ඇති බව ද බුද්ධදාස මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත.



Post a Comment