ඌවේ මැතිවරණය - ජවිපෙට පහරදුන් කාන්තාවකුත් අත්අඩංගුවට

ඌව පළාත් සභා ජන්ද වීමසීමට අදාළව මේ වන විට මැතිවරණ පැමිණිලි 42ක් ලැබි ඇති බව පොලිසිය පවසයි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 30 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 03 ක්ද, බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් පැමිණිලි 07ක් සහ තංගල්ල ප්‍රදේශයෙන් පැමිණිලි 02ක් ද ලැබී ඇති බව පොලිසිය පැවසීය.


මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙකුට සහ ආධාරකරුවන් දෙදෙනෙකුට පහරදුන් බව කියන පුද්ගලයින් 05 දෙනෙකු හපුතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පසුගිය 28 වනදා හල්දුම්මුල්ල ප්‍රදේශයේ දී අදාළ පහරදීම සිදු වී ඇති බව සඳහන්ය.


අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බව පොලිසිය පැවසුවේය.


ඔවුන් අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment