මැතිවරණ රාජකාරී සඳහා පොලීසියට කෝටි 40ක් දීලා

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව රාජකාරී කටයුතු වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 400 මුදලක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබේ.

නාම යෝජනා භාර ගත් දින සිට මැතිවරණයෙන් පසු දිනය දක්වා කාලය තුළ අවශ්‍ය කටයුතු ඉටු කිරීම වෙනුවන් පොලිස් දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මේ ප්‍රතිපාදන ලබා දී ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව නීති විරෝධි ප්‍රචාරක පුවරු ඉවත් කිරීම ඇතුළු කටයුතු සඳහා එම මුදල් ලබා දී ඇත.


නීති විරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් දහඅට ලක්ෂ 66 ,000ක් පමණ වන බව වාර්තා වෙයි.



Post a Comment