ඉසිපතන මාවතේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක හැටි

කොළඹ, ඉසිපතන මා‍වතේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා කල් ඉකුත් වූ ආලේපන, ක්‍රීම් වර්ග, විරංජන ක්‍රීම් කොණ්ඩා සැකසීම සඳහා යොදාගන්නා ක්‍රීම් වර්ගය හා ආලේපන විශාල තොගයක් සොයාගෙන තිබේ.

අමෙරිකාව, ඉතාලිය වැනි රටවලින් ඒවා ආනයනය කර ඇති අතර ඒවා අධික මිලෙන් යුතුය.


මෙම ක්‍රීම් හා ආලේපන ඇතැම් ඒවායේ ලේබල් ඉවත් කර ඇති අතර තවත් සමහර ක්‍රීම් හා ආලේපන වල කල්ඉකුත් වීමේ දිනය වෙනස් කර ඇත.


පසුගිය මාසයක පමණ කාලයේ සිට මේ දක්වා රූපලාවන්‍යාගාර 110ක් පරික්ෂා කර පාරිභෝගික පනත උල්ලංඝණය කළ එවැනි ස්ථාන 30ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.


තවදුරටත් මෙවැනි වැටලීම් කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය පවසයි.



Post a Comment