සිරකරුවන් 12 දෙනාගේ මැදිරියෙන් හලෝ 8ක් එළියට

මීගමුව බන්ධනාගාරයේ සිර මැදිරියක් තුළ තිබී ජංගම දුරකථන 08ක් සොයා ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම ජංගම දුරකථන සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේය.


අදාළ ජංගම දුරකථන තොගය සොයා ගත් සිර මැදිරිය තුළ රැඳවියන් 12 දෙනෙකු රඳවා සිටි බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේය.


බන්ධනාගාරය තුළ සිදු කෙරෙන මෙවැනි නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව චන්ද්‍රරත්න පල්ලේගම මහතා කීවේය.



Post a Comment