මාර ගසක් හේතුවෙන් මාර්ගයක් වසාදැමෙයි

ඇඹිලිපිටිය-මාතර ප්‍රධාන මාර්ගයේ (නෝනාගම හරහා) විදුලිබල මණ්ඩල කාර්යාලය අසළ දැවැන්ත මාර ගසක් කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් රථ වාහන ගමනාගමනය අත්හිටුවා තිබේ.

අදාළ මාර ගස ඉවත්කිරීමට කටයුතු කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


මේවන විට මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී පවතින බවත්, අදාළ ගස ඉවත්කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් මැදිහත්වී කටයුතු කරන බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.


කෙසේවෙතත් මෙම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන වලට ඇඹිලිපිටිය, නවනගරය කොන්ක්‍රීට්යාඩ් පාර ඔස්සේ පැමිණ මහවැලි ක්‍රීඩාංගණය අසළින් ප්‍රධාන මාර්ගයට යළි පිවිසිය හැකි බව පොලීසිය කියා සිටියි.



Post a Comment