කුරුණෑගල-දඹුල්ල පාර මගින් වසාතැබීමක්

මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය අසළින් කුරුණෑගල - දඹුල්ල මාර්ගය අද සිට දින 05 ක කාලයක් විටින් විට වසා තැබෙන බව පොලිසිය පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය වසා තැබෙන බව පොලිසිය කියා සිටියි.


එසේම ලබන 07 වන දා සහ 08 වන දා පෙරවරු 09.00 යේ සිට පස්වරු 01.30 දක්වා එම මාර්ගය සම්පුර්ණයෙන් වසා තැබිමට නියමිතව තිබේ.


ඒ අනුව අදාළ මාර්ගයේ ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


සැහැල්ලු වාහන සඳහා කන්දේවත්ත දුම්රිය හරස් මාර්ගය භාවිතකළ හැකි අතර බර වාහන සඳහා කුරුණෑගල මුත්තෙට්ටුගල,වැල්ලව, බුදනාපිටිය හරහා දඹුල්ල මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.



Post a Comment