මෛත්‍රි - ඥානසාර හිමි නඩුව - ගොඩින් බේරාගැනේ

නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතාට තර්ජනය කළ බව පවසමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් අද දිනයේ සමතයට පත්ව තිබේ.

අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දි විභාගයට ගැනිණ.


එහිදී පැමිණිලිකාර නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව සමථයකට පත් කරගැනිමට තමන් සූදානම් බවයි.


එම සමතය පිළිගැනිමට තමන් ද සූදානම් බව එහිදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.


ඒ අනුව අදාළ නඩුව සමතයකට පත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ත‍ිබේ.


මේ අතර ශුද්ධ වු කුරාණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පවරා තිබු නඩුවක් ද අද කැඳවනු ලැබීය.


එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී සිටියේ ඊට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.


ඒ අනුව අදාළ නඩුව ජනවාරි මස 26 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද පොලිසියට නියෝග කර ඇත.



මෛත්‍රී අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුට සහය පළ කරන සෙසු පක්ෂ සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදීය.


සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අත්සන් තබන ලදී.


අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහාවු ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ,මව්බිම ජනතා විමුක්ති පෙරමුණු නායක හේමකුමාර නානයක්කාර ,එක්සත්ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එක්සත් නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරු ජයසුරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියේය.



පවිත‍්‍රා කඳුකරය වනසනවා - රවීන්ද්‍ර කාරියවසම්

මධ්‍යම කඳුකරය, දිය ඇළි , ගංඟා ජල පෝෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව කුඩා විදුලි බලාගාර 108 ඉදිකිරීමට බලශක්ති අමාත්‍යංශය මේ වන විට සැළසුම් සකස් කර ඇතැයි පරිසර හා ස්වභාවදහම් අධ්‍යයන මධ්‍යස්ථානය චෝදනා කරයි.

එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මේ ගැන වැඩිදුර අවධානය සඳහා පහත පරිදි පළ කරමු.


මධ්‍යම කඳුකරය, දිය ඇළි, ගංඟා ජල පෝෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව කුඩා විදුලි බලාගාර 108ක් ඉදිකිරීමට බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුම් සකස්කර ඇත.


මේවවිටත් ඇතැම් විදුලි බලාගාර ඉදිකිරීම ආරම්භ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම ගිංඟග ආශ‍්‍රිතව, ශ‍්‍රී පාදය, සප්ත්‍ය කන්‍යා, මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ‍්‍රිතව, වී ඔය, තුළ කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්වභාවික පරිසර පද්ධති හා ජල මූලාශ‍්‍ර විනාකරමින් මේවනවිට විදුලි බලාගාර ඉදිකිරීම් ආරම්භ කර ඇත.


අම්පනාගල, වේවතැන්න, කොම්බරාව ගඟ, සිතාවක ගඟ , කරගහ තැන්න, ඇල්ල හේන, රන්නොක් කන්ද, උඩුවකන්ද, මලපොල , ඔහිය, මාලිබොඩ, බෙවරලි, ඇලගල් ඔය, පොතු පිටිය, සිංහරාජයේ එනසාල් වත්ත, මුරුතැන් ඇළ, සියඔලාගොඩ, පොතුපිටිය, ඇල්ටන් මින්න, උඩ වෙල, පහළ කොත්මලේ ඔය, කෙහෙල් වත්ත, වී ඹය, එගොඩ වෙල, කෑගලූ ඔය, බුලත් වත්ත, පහළ ලේ මස්තොට, කැමිපියන්, ඉංගිරිය, අඔගමුව, ලිනොන්, කුකුල් ඔය, හනුගල, මඩුවන්වෙල ,මීපිලිමාන, බටුවන්ගල, දඹුලූ ඔය, යට්මහන, බෙරමාන, කුඩාගල, සිරි ඔය, කඩවර, බබරබොටුව, දෙදුගල, බඹරැන්ද, ලොග්ගල් ඔය, පතන, බෙරනාව, බටගොල්ල, මොරගහ, හුළුගග, කොළි ඔය, පූනා ඔය, ගංතුන, බොපේ කන්ද, ,කනම්බරාව, වේලේ ගම, ඉබ්බන් ඔය, රිදීපාන, අලකොගල, පූනාගල, ඉහළ රතුගඟ, ගෝමළේ, මිනුම්කුඹුර, අංගරන්කන්දඇළ, දොතල් ඔය, බඔරවාන, මහබගේ, පලගොල්ල, බනමඩු ඔය, මා ඔය, කෙබිලිදොව, එලමල්දෙණිය, දේමොදර, කුඹුරුගොල්ල, හලගන් ඔය, බොරලන්ද, ලොග්ගල් ඔය, එනදු ඇළ,මීනගල ඇළ, වින්සොර් කැළය, උමා ඔය, නෙලූක්කාන, රුවන් කදුර, ඉහළ වොල්ටීරීමි, පහළ කුඹුර, මාපළාන, පලාබද්දල ,මහෝදොල, කෙහෙල්ගමු ඔය, ගිල මලේ රක්ෂිතය, මෙදේරිපිටිය සිංහරාජය, පාරම්බේ, කටරන් ඔය, ගොම්බරු ඔය, පහළ කොත්මලේ, නෝර්වුඩු, බෝගාවෙල ඇල, අඔගහ කන්ද, පිහිඹියා ගහ මුල, මාන්න ඇල්ල, කොස්වතු ගඟ, ඇළමුල්ල වැනි ජලමූලාශ‍්‍ර හා ජෛව විවිධත්වය අතින් ඉහළ පරිසර පද්ධති රාශීයක් අශ‍්‍රීතව මෙම කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමි සිදුකරන අතර ජල මූලාශ‍්‍ර සිඳීයාමට හා මධ්‍යම කඳුකරය, අතර මැදි කලාපය හා වියළි කලාපය තුළ අනාගතයේ විශාල ජල අර්බුදයක් ඇති වීමට හා කඳුකරයේ ජල පෝෂිත සිඳී යාමට මෙම ව්‍යාපෘති බලපානු ලබනු බව නිසැකවම දැනෙන්නේ රන්දෙණිගල, රන්ටැඹේ, වැනි ජලාශ අශ‍්‍රිත දැනට උද්ගත වී ඇති තත්ත්වය තුළින් නිසැකවම අවබෝධ කරගත හැකිය.


පෞද්ගලික සමාගම් 78 කට වැඩි ප‍්‍රමාණයක් මෙම විදුලිබලාගාර 108 ඉදිකිරීමට ආයෝජනය කර ඇති අතර පරිසර සංගම් කිහිපයක්ද මෙම ව්‍යාපෘති වල හවුල්කරුවන් සේ සිටින බවට තොරතුරු ලැබී ඇත.


මෙලෙස විදුලි නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට විදුලිය විකිණිම මෙම සමාගම් 78 විසින් සිදු කරනු ලබන අතර ඉදිකිරීම් සියල්ලම වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත, ජාතික පාරිසරික පනත ඇතුළු පාරිසරික අනපනත් මෙන්ම සිවිල් නීතිද උල්ලංඝණය කරමින් ඉදිකිරීම් ආරම්භ කර ඇත.


කෙසේ වෙතත් මෙම විදුලි බලාගාර ඉදිකිරීමේදී නිසි අධ්‍යයනයන් කළ යුතුව තිබුණද පරිසරය පිළිබඳ කිසිදු තැකීමක් නොකර තම තමන්ගේ බලශක්ති වෙළඳාම වෙනුවෙනුවෙන් පරිසරයේ සියලු වටිනාකම් මෙම ව්‍යාපෘති හරහා සිදුකරන අතර පරිසර අමාත්‍යංශය ,මධ්‍යම පරිසර අධිකාරිය වෙනදා මෙන් පරිසරය නසන මෙම පෞද්ගලික ආයතන සුරකමින් පරිසරය නසමින් සිටී.


දැනටමත් ඉදකිරීම් ආරම්භ කර ඇති ඇතැම් විදුලි බලාගාර ඉදිකිරිමට කරන පිපිරවීම් නිසා ඉදිකිරීම් කරන සෑම ප‍්‍රදේශයක් පුරාම දැඩි පාරිසරික හායනයක් සිදුවෙමින් පවතින අතර එය ස්වභාදහමේ සොඳුරු දසුන් මෙන්ම සියළු වටිනාකම්ද විනාශ කරන සංවර්ධන කටයුත්තක් ලෙස පෙන්වාදිය හැකිය.


ඉහළ ජලාධාර හා අනෙක් ජල මුලාශ‍්‍ර ආශ‍්‍රිතව කරන මෙම ඉදිකිරීම් නිසා මිරිදිය මත්ස්‍යන් බොවන ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ පරිසර පද්ධතියේම ජෛව විවිධත්වයට බරපතළ හානියක් සිදුකරන ක‍්‍රියාදාමයකි.


දැනට කුඩා විදුලි බලාගාර ඉදිකිරිම් කෙරෙමින් පවතින ප‍්‍රදේශ තුළ ගංඟා වියළීම හා වෙනස්විම් සිදුවී තිබේ. මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපැමක් සිදුවන අතර හා ඇතැම් ජීවී විශේෂ වඳවී යාමටද මෙම විදුලි බලාගාර හේතු වෙමින් පවතී ගංඟා හා ජල මුලාශ‍්‍ර හරස් කෙට වේළි ඉදිකිරීම නිසා ජලය ගලාගෙන යන වේගය අඩුවිම තුළින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ජලජ ජීවීන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවිම තුළින් ජලය ආශි‍්‍රත ජීවත් වන දේශිය මත්ස්‍ය විශේෂ හා ශාක විශේෂ වඳවී යාම සිදුවේ . මේ බවට අලුතින් ඉකරන සියලූම ඇළ වේළි සාක්ෂි ලෙස පෙන්වා දිය හැකිය.


රටේ ශාක පද්ධතිය විනාශ කර දැමීමේ ප‍්‍රතිපලයක් ලෙස වසරින් වසර වර්ෂාව අඩු වී යාම නිසා ජලයේ සැළකිය යුතු අඩු විමක් පෙන්නුම කරන අතර මෙම විදුලි බලාගාර ක‍්‍රියාත්මක වීම හා ඉදිකිරීම නිසා මෙම තත්ත්වය වඩා වර්ධනය වේ. මෙම විදුලි බලාගාර ඉදිකිරීම නිසා මධ්‍යම කඳුකරය හා තෙත් කළාපයට වන හානිය සමස්ථ ශ‍්‍රී ලංකාවේ සත්ව හා ශාක ප‍්‍රජාවට මෙන්ම සියලූම මිනිසුන්ටත් නොයෙක් අයුරින් බලපානු ලබයි. අන්තර්ජාතික බලශක්ති එජන්සිය (IEA) සිය පර්යේෂණ වලින් පවා පෙන්වා දෙන්නේ කුඩා විදුලි බලාගාර ඉදිකිරීම පරිසරිය හා ජලය විනාශ කරන සාධකයක් ලෙසය. කුඩා විදුලි බලාගාර වලින් පරිසරයට, මානව සමාජයට මෙන්ම එම රටවල ආර්ථිකයට ද දැඩිව හානි සදුවන බව පර්යේෂකන් විසින් පෙන්වාදී ඇත. එයට හොඳම උදාහරණ ලෙස ඊජිප්තුවේ අස්වාමි ව්‍යාපෘතිය පෙන්වාදිය හැකි අතර ඉන්දියාවට පවා විදුලිය බලට ලබාදීමට හැකියැයි පවසමින් ආරම්භ කළ වික්ටෝරියා ,රන්දෙණිගල, රන්ටැඹේ වැනි විදුලි ව්‍යාපෘති පෙන්වාදිය හැකිය.


මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති අසාර්ථක වෙමින් පවතින මොහොතක කුඩා විදුලි බලාගාර වලින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීම තරම් තවත් අනුවණ ක‍්‍රියාවක් නොමැත.කුඩා විදුලි බලාගාර ඉදිකරමින් රටවල් පරිසරය හා ආර්ථිකය විනාශ කර ගත් බටහිර රටවල් තම රටවලින් එවැනි විනාශකාරී ව්‍යාපෘති ඉවත් කරමින් සිටින මෙහොතක එම අතිදැකීම්වත් තුට්ටුවකට මායිමි නොකර ආර්ථික වාසි ගැන පමණක් හිතමින් එකිනෙකාට අවශ්‍ය පරිදි වටිනා පරිසරය විනාශ කිරීමට ඉඩ දී තිබේ.


තත්පර දාහතරක් තුළ සුර්යාගේ සිට පෘතුවි තලයට වැටෙන හිරු එළිය පිළිබඳ විශ්වාසය නොතබා මෙවන් ජල විදුලි බලාගාර,ගල් අගුරු බලා ගාර වල බලශක්තිය ගැන විශ්වාසය තබන නායකයින්, පාලකයින් වෘත්තිකයින්, අධ්‍යාපන වේදීන්ගේ ද සහයෙන් කුඩා ජල විදුලි බලාගාර 108 පමණක් නොව න්‍යෂ්ටික බලාගාර පවා ඉදිකිරීමට මේ වන විට සැළසුම් කරමින් සිටී.


මෙරට විකල්ප බලශක්ති ලෙස උදම් රළ, සුළඟ, හිරු එළිය ප‍්‍රයෝජනයට ගනිමින් බලශක්තිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර විදුලි අර්බුදය පාරිසරික හා ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය කිරීමට මෙවන් ව්‍යාපෘති හේතුවනවා ඇත. පරිසරයට හා මානවයාට අහිතකර නොවන බලශක්ති ප‍්‍රභවයන්ගෙන් ප‍්‍රයෝජනයට ගැනීමට ඉඩකඩ තිබියදී පාලකයන්ගේ හා සමාගම් වල ලාභය තකා පරිසරය හා මිනිසා නැසීම කිසිදු සමාජයක සිදු නොවිය යුතු උවත් අද දවසේ ලංකාව මුහුණ දී ඇත්තේ මෙම අභාග්‍ය සම්පන්න ඉරණමටය.


රවින්ද්‍ර කාරියවසම්



බාලවයස්කාරිය හා අඹුසැමි ඇසුරක් පැවැත්වූ පෙම්වතා රිමාන්ඩ්

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරියක් සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන අයෙකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි අයෙකු වන අතර අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය - ධීවර ගම්මානයේ පදිංචිව සිටින දැරියකි.


තමන් නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු තම දියණිය සමග අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව අතවරයට පත්ව ඇති දැරිවියගේ මව කල්පිටිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදඳහන් වේ.


සැකකරු හා අතවරයට පත්ව ඇති දැරිය අතර කාලයක පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්,එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතවරය සිදුවී ඇති බවත් කල්පිටිය පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.


අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.



බස් රථයක් ‍පෙරළි කුඩා දරුවෙක් එතනමයි - 44ක් රෝහලේ

දික්හේන, දම්පැල්ගොඩ ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථයක් අනතුරකය ලක්වීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් පුද්ගලයින් 44 දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

අද(01) උදෑසන අදාළ අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.


අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුර සිදු වී ඇති බව එම කාර්යාලය සඳහන් කර සිටියේය.


අනතුරින් තුවාල සිදුවු පුද්ගලයින් හය දෙනෙකු කෑගල්ල මුලීක රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල සිදුවූ අනෙකුත් පිරිසක උදුගොඩ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.



පොදු අපේක්ෂක අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔහුට සහය පළ කරන සෙසු පක්ෂ සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම අද(01) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.

ඒ අනුව අද(01) පෙරවරුවේ කොළඹ දි මෙම ගිවිසුම අත්සන් තැබෙන බව වාර්තා වෙයි.


පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පුජ්‍ය අතුරලියේ රතන හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා , ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා, ප්‍රජාතන්තවාදි පක්ෂයේ සරත් ෆොන්සේකා මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්වීමට නියමිත බව ද වාර්තා වෙයි.


කෙසේ වෙතත් අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට ජාතික හෙළ උරුමය කටයුතු නොකරන බව එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා අද දෙරණ සමග සඳහන් කළේය.


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දි සහය ලබාදෙන්නේ කාට ද යන්න පිළිබඳව මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට හැකිවනු ඇති බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.


අද දෙරණ කළ විමසීමකදි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව පිළීබඳව උත්තරීතර මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බවයි .


ඉන් අනතුරුව මෙම සහය පළ කරන පාර්ශවකරුවන් පිළිබඳව තීරණයකට එළඹෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.



ධීවරයා මුහුදට වැටී අතුරුදන්

ගාල්ල වරායෙන් අද (30) මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදුට වැටී අතුරුදන්ව තිබේ.

මාතර වෙරළේ සිට සැතපුම් 3ක් පමණ ඈත මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී එම ධීවරයා මුහුදට වැටී ඇතැයි ධීවරයින් කියයි.