යාපනයේ දෙපිරිසක් ගහමරා ගනියි

යාපනය, කෝපායි ප්‍රදේශයේදී දේශපාලන පක්ෂ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

ඊයේ(05) රාත්‍රීයේ මෙම ගැටුම හට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


ගැටුමින් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් දෙනෙකු ප්‍රතිකාර සඳහා කෝපායි රෝහලට ඇතුලත් කර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී ද දේශපාලන පක්ෂ ආධාර කරුවන් දෙපිරිසක් අතර ස්ථාන දෙකකදී ගැටුම් හටගෙන තිබේ.


එහිදි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.



Post a Comment