අද (09) රැස්වූ ඌවේ මංගල පළාත් සභා සැසිවාරයේදී ඌව පළාත් සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ උපාලි සමරවීර පරාජයට පත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ඒ.එම් බුද්ධදාස මහතා ජය ගැනීමට සමත් විය.
ඒ අනූව හෙතෙම පළාත් සභාවේ සභාපති තනතුරට පත්වූයේ ඔහුට පක්ෂව ලැබුණු ඡන්ද 19කිනි.
උපාලි සමරවීරට පක්ෂව ලැබුණේ ඡන්ද 13කි.
උපාලි සමරවීර ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂනායකවරයා ද වන අතර හෙතෙම හිටපු පා. මන්ත්‍රීවරයෙකි.
ඒ.එම් බුද්ධදාස මහතා ද ඌවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ දේශපාලනඥයෙකු වේ.

Post a Comment