පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද(11) ගලහ මංසන්ධියේ දි උද්ඝෝෂණයක නිරත වී තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට සිදුවු පහරදීමකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වු බව වාර්තා වෙයි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වි ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වෙතත් රථ වාහන විකල්ප මාර්ග හරහා ගමන් කරවීමට පොලිසිය එහිදි පියවර ගෙන තිබේ.
මේ අතර රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ද පහරදීමට විරෝධය පළකරමින් ගාල්ල බස් නැවතුම්පල ඉදිරියේ මේ වන විට උද්ඝෝෂණක් ආරම්භ කර තිබේ.

Post a Comment