ගාල්ල, හපුගල ඉංජිනේරු පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
දෙවන වසර සහ සිව්වන වසර සිසුන් දෙපිරිසක් අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පෝද්දල පොලීසිය සඳහන් කළේය.
ගැටුමෙන් දෙවන වසර සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇත
ඔවුන් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment