කොළඹ, ආදිරිප්පුවීදියේ පිහිටි වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අලෙවි කරන ඔසුසැලක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී අදාළ වෙළෙඳසැල් හිමිකරු විසින් බී - 12 නමැති විටමින් වර්ගයක් සහ වේදනානාශක ඖෂධ වර්ගයක් අලෙවි කරමින් සිටි බව එම අධිකාරිය පැවසුවේය.
අදාළ විටමින් වර්ගය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ ශක්තිය වැඩිවීමට, ආහාර රුචිය වැඩි කිරීමට සහ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට වන අතර අනෙක් වේදනා නාශක ඖෂධය ශල්‍යකර්මවලදී භාවිතා කරන බව වාර්තා වේ.
එම ඖෂධ වර්ග අධි මාත්‍රාවෙන් භාවිත කළ විට මත් ගතියක් ඇතිවීම හේතුවෙන් කිසිදු ඖෂධ අලෙවිසැලක එම ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි කිරීම නීති විරෝධීය.
මේ හේතුවෙන් එවැනි ඖෂධ අලෙවි කරන ස්ථාන සොයා තවදුරටත් වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේය.

Post a Comment